නාගදිප පුරාණ රජමහා විහාරය

 

 

යාපනයේ සන්චාරයේ යෙදෙන බොහොමයක් සන්චාරකයන් මුල්ම ගමනාන්තය ලෙස තොරාගන්නේ නාගදිප පුරාණ රජමහා විහාරයයි.පෙර බුදුන් වැඩසිටි සමයේ සිටි චුලොදර මහොදර නාග ගොත්‍රිකයන්ගේ ගැටුමක් සමනය කිරිමට බුදුන්ගේ දෙවෙනි ලන්කා ගමනය නාගදිපය කෙන්ද්‍ර කොටගෙන සිදු කිරිම නිසා මේ ස්තානය ආගමික වශයෙන් විශාල වැදගත් කමක් දරයි. බුද්ධ වර්ෂ පලවෙනි සියවසෙ පටන් වන්දනාවට ලක්වන අතර නාගදිප විහාරස්ථානය සොලොස්මස්ථානයන්ගෙන් එකකි. 

 

දුපතක් ලෙස වෙන්ව පිහිටන නිසා මේ ස්ථානයට ලගා විමට නම් අනිවාර්යෙන්ම බොට්ටු සේවාව ලබාගැනිමට සිද්දවෙනවා. යාපනයෙ සිට කෙලින්ම නාගදිප විහාරස්ථානයට ගමන් කිරිමට බොට්ටු සෙවයක් නොමැති අතර එ සදහා යාපනය නගරයේ සිට කිලොමිටර් 35ක් පමන දුරින් පිහිටන Kurikadduwan ජැටිය වෙතට යා යුතුය. සැම විනාඩි 15 -30 අතර කාල වලදි බොට්ටු පහසුකම් ලබා ගැනිමට හැකියාව පවති. ( විනාඩි 15 ක පමන බොට්ටු ගමනක් )

නාගඩිප විහාරස්තානය වෙත බොට්ටු මගින් ප්‍රවාහනය කලද ආපසු එමට බොට්ටු ලබාගැනිමට නාගදිප කොවිල අසල ඇති ජැටියට යා යුතුය (මිටර් 500ක් පමන දුරින් )

දේවානම් පියතිස්ස දුටුගැමුණු රජසමයන්හිදී නාගදීප රජමහා විහාරය ප්‍රතිසංස්කරණය කොට පූජනීය ස්ථානයක් බවට පත් කරන ලද බව ඉතිහාසයේ සදහන් වෙයි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රිසි පාලන සමයන්හිදී මුහුදු බඩ ප්‍රදේශ වල බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරිමත් සමගම නාගදීප විහාරස්ථානයද විනාශයට පත්වු අතර වර්ෂ 1931දී අම්බලන්ගොඩ සෝමසිරිතිස්ස නායක ස්වාමීන් වහන්සේ නාගදීපයට වැඩම කොට මෙම පුද බිම නැවත කොට ප්‍රතිසංස්කරණය ඇත.

 


කාළගුණ තත්වය – නාගදීප පුරාණ රජමහා විහාරය


ගමන් මර්ගය – නාගදීප පුරාණ රජමහා විහාරය

[Click location pointer and click Get directions]

Get Directions

  show options

 

වැදගත් දුරකතන අංක

[If your Business Near This Location or Your Business Related to this Location Sent your Telephone to us. We will Add that to here Free. ]

ඔබේ වෙලද දැන්විම්

[If your Business Near This Location or Your Business Related to this Location Sent your Advertisement to us ]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *